දේශීය
ධම්මික නිරෝෂන ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

2002 වසරේ ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දම්මික නිරෝෂනට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අම්බලන්ගොඩ පොලිසිය අද පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
දුරකථන දත්ත වාර්තා සහ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේද මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.
දම්මික නිරෝෂන් ඝාතනය කිරීම සදහා තුන්දෙනෙකු පැමිණි ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා.
පොලිසිය සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එලෙස පැමිණි අයෙකු බවයි.
අම්බලන්ගොඩ කන්ද මාවතේ පිහිටි නිවස ඉදිරිපිටදී හිටපු ක්රිකට් ක්රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තබා ඝාතනය කර තිබුණේ පෙරේදා රාත්රියේදියි.