දේශීය
දේශපාලනඥයන්ට පාසල් උත්සව තහනම්?

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් දෙන තුරු දේශපාලනඥයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන්දුවක් ගෙන තිබෙනවා.
මීට අමතරව පාසල්වලට පැවැත්වෙන උත්සව සඳහා කිසිදු දේශපාලනඥයකුට ආරාධනා නොකිරීමට ද එම වෘත්තීය සමිති හතට අයත් විදුහල්පතිවරු තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.
විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳෙන තෙක් කෙටි කාලින විසඳුමක් ලෙස සියලු විදුහල්පති ශ්රේණිධාරීන්ට විදුහල්පති දීමනාව රුපියල් 15,000 ඉහළ නංවන තෙක් මෙම තීරණයේ එළැඹ සිටින බව එම සංගමය පවසනවා.