දේශීය
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන්ගේ වර්ජනය අවසන් වුවද අද (12) දිනයේ ඇතැම් දුම්රිය අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා කියා සිටියේ වර්ජනය නිසා දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට යළි වාර්තා කිරීමේ ප්‍රමාදය මෙම තත්වයට හේතුවී ඇති බවයි.
කෙසේවෙතත් ඊයේ දින මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති විසින් මෙම වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළා.