දේශීය
නිවසේ පළමු මහලෙන් වැටී කාන්තාවක් මරුට

ගම්පොළ පොලිස් වසමේ පිහිල්ලදෙණිය ප්රදේශයේ කාන්තාවක් නිවසක පළමු මහළින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (14) පස්වරුවේදී එම අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබුණු බවයි.
මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ පිහිල්ලදෙණිය, නාරංවිට ප්රදේශයේ පදිංචිකාරියක්.
මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය ගම්පොළ රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසනවා.