දේශීය

ජල විදුලි නිෂ්පාදනයත් නතරවෙන ලකුණු

මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බවට වාර්තා වෙනවා.

මෙලෙස ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.

මෙම මහවැලි ජලාශ වලින් රටේ පානිය ජල අවශ්‍යතාවය සහ කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛතාවයකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශවලින් ජල විදුලිබලය ජනනය කිරීම සදහා ජලය මුදා හැරීමද සීමා කළයුතුව තිබෙන හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button