විදෙස්

ඉන්දියා​වේ චිත්‍ර ශිල්පියෙකුට කාන්තාවකගේ දෑත් බද්ධ කළ සැත්කම

අනතුරකින් දෑත් අහිමිවූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහි​දී චිත්‍ර ශිල්පියාට බද්ධ කර ඇත්තේ අවයව පරිත්‍යාග කළ කාන්තාවකගේ අත් වීම විශේෂත්වයක්.

මෙම පුවත ඉන්දියාවේ දිල්ලියෙන් වාර්තාවූ අතර දිල්ලියේ ප්‍රධාන රෝහලකදී මෙම සුවිශේෂී සැත්කම සිදුකර තිබෙන බවයි වාර්තාවන්නේ.

අවාසනාවන්ත දුම්රිය අනතුරකින් 2020 වර්ෂයේදී මෙම චිත්‍ර ශිල්පියාට සිය දෑත් අහිමිව ගොස් ඇති බවත් පසුගිය දිනක සිය ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවකගෙන් යළි දෑත් හිමිවූ බව​ත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කාන්තාවගේ වකුගඩු, අක්මාව සහ අක්ෂි කොටස් තවත් පුද්ගලයින් තිදෙනෙකු වෙත බද්ධ කර ඇති බව​ත් එ​ම කාන්තාව මොළය මියගිය තැනැත්තියක බවයි.

මෙම සැත්කමට පැය 12ක් ගතවී ඇති අතර දිල්ලියේදී වෙනත් අයෙකුගේ දෑත් සාර්ථක ලෙස බද්ධ කිරීමේ ප්‍රථම සැත්කම මෙය බවයි වාර්තාවන්නේ.

20 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධවූ අතර ඔවුන්ට නායකත්වයදී ඇත්තේ වෛද්‍ය මහේෂ් මංගාල්ය බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එමෙන්​ම සැත්කම සාර්ථකව නිමවූ පසුව සමූහ ඡායාරූපය ගැනීමේදී චිත්‍ර ශිල්පියා සිය අලුත් දෑතේ මහපට ඇඟිලි ඉහළට ඔසවමින් ස්තූතිය පුදකළ අයුරුද සමාජ මාධ්‍ය තුළ පළවූ වීඩීයෝවෙ​හි දැකගත හැකිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button