දේශීය
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන්වන්නේ, 2023-5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිට නිකුත් කර ඇති අතර එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.
එබැවින්, පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය දැනටමත් ලබාදී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන නිසි පරිදි සම්පූර්ණ කර 2024.03.07 දිනට ප්‍රථම විදුහල්පති වෙතම නැවත භාර දීමට කටයුතු කරන ලෙසද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.