දේශීය

ඔන්ලයි​න් පනත ගැන IT4P ආරම්භ කළ e-ජනමත විචාරයේ නවතම ප්‍රතිඵල මෙන්​න

IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් ඊයේ ආරම්භ කළ Online Safety පනත පිළිබඳ e-ජනමත විචාරයේ මෙතෙක් ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (24) දහවල් 1.00 වනතෙක් ලැබී ඇති මහජන ම​ත අනුව, අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත නොකළ යුතු බවට 97.9% ක් තම මතය පළකර ඇති අතර, පනත සම්මත කළ යුතු බවට 2.1% ක් තම මතය පළ කර තිබෙන බව සඳහන්.

අදාළ කාලය තුළ මෙම e-ජනමත විචාරය සඳහා පුද්ගලයින් 3391 දෙනෙක් තම මතය පළකර ඇති අතර, තවමත් SMS හරහා​ මේ සඳහා තම මතය පළ කළ හැකි බව IT4P එකමුතුව මහජනතාවට දැනුම් දෙනවා.

මෙතෙක් නිකුත් කළ ජනමත විචාරයේ ප්‍රතිඵල පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button