දේශීය
සුඛෝපභෝගී වාහන 700 ක් වරායේ හිරවෙලා

කොළඹ වරායේ ඉහළ වටිනාකම් සහිත සුඛෝපභෝගී වාහන 700ක් පමණ තවමත් සිරවී ඇති බව සමගි ජනබලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී අද (10) පැවති රැස්වීමේදීයි.
කාලයක් තිබීම හේතුවෙන් මෙම වාහන පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් එම වාහනවල සංවේදී උපකරණ සියල්ල විනාශ වී ඇති බවත් ඔහු සඳහන් කළා.
මෙම වාහන බදු අය කර නිදහස් කිරීමට නොහැකි නම් වෙන්දේසි කර දමන්න යැයි ඔහු ඉල්ලීමක් කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ නඩු කටයුතුවලට අදාළ වාහන මෙසේ රඳවා ඇති බවයි.