ක්‍රීඩා සංවර්ධනට කෝටි 400ක් වැය කරලා – කෝපා කමිටුව

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 400 කට වැඩි මුදලක් වියදම් කර ඇතත් ඒ කිසිදු ව්‍යාපෘතියක් වෙනුවෙන් ශක්‍යතා අධ්‍යනයක් කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණය වී තිබුණා.
ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම සහ ඒ සම්බන්ධයෙන් වන කාර්ය සාධනය පිළිබඳව කමිටුවේ අවධානය වුණා.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසුවේ, සුසන්තිකා ජයසිංහ මහත්මිය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දක්ෂතා සහිත ක්‍රීඩකයන් පස්දෙනකු සකස් කිරීම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවයි.
දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් කෙරෙන ඉදිකිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මෙම තොරතුරු අනාවරණය වූයේ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.
කමිටුවේ ඉල්ලීම පරිදි ක්‍රීඩා සංවර්ධන සැලැස්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කමිටුවට මෙහිදී ඉදිරිපත් කරන කරනු ලැබුවා.