දේශීය

2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයින් අගමැති හමුවෙයි

2020 පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගනිමින් දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස්දෙනා සහ ඉතිහාසයේ පළමු වතාවට විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් දෘශ්‍ය ආබාධ සහිත දරුවන් දෙදෙනෙකු අද (22) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

මෙම දරුවන් සමග සුහඳ කතා බහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ විමසමින් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුභාශිංසන එක් කර තිබෙනවා.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සයුරන්ගි තරුෂිකා දෙව්මිනි ප්‍රේමසිරි, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආර්. පහන්මා උපනි ලෙනෝරා, හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයේ ආර්. ඔෂධී සන්දීපා, රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ශ්‍රීමාතුරෙයි සින්තනාචෙල්වන් සහ කදාන ද මැසිනොද් විදුහලේ ඩී. නිපුන් දිනුක අධිකාරි යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමුවූ දරුවන් වනවා.

දෘශ්‍ය සහ කායික ආබාධ සහිත දරුවන් තිදෙනෙකු විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගෙන ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටයි.

එම අවස්ථාවට එක්වීමට නොහැකි වූ විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් උපතින්ම කායික ආබාධ සහිත මාතර, බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ දෙව්මි රන්සාරා රාජපක්ෂ දියණියවද අග්‍රාමාත්‍යවරයා ඇගයීමට ලක්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button