දෛනික කොවිඩ් ආසාදිතයින් 200 සීමාවේ

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 200 සීමාවට ආසන්න වී තිබෙනවා.
ඊයේ (07) දිනයේ දි කොවිඩ් -19 ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර මෙම සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 666,764ක්.
මේ අතර, තවත් කොවිඩ් මරණ තුනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අගොස්තු 6 වන දිනට අදාළව එම කොවිඩ් මරණ 3 තහවුරු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 16,586ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 200 සීමාවට ආසන්න වී තිබේ.