ටැටු හිමිකරු ඇතුළු හත්දෙනා අධිකරණයට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.
මෙම සැකකරුවන් අතර අදාල ටැටූ මධ්‍යස්ථානය හිමිකරු ඇතුළු අනුබල දීම සහ පහසුකම් සැපයීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගත් සැකකරුවන් වනවා.
පොලීසිය පැවසුවේ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පසුගිය සදුඳා (08) උදෑසන 10 ට පමණ අතුරුගිරිය මංසන්ධියේ ටැටූ නිර්මාණ මධයස්ථානයක් විවෘත කිරිමේ අවස්ථාවේ එල්ල වු වෙඩි ප්‍රහාරයකින් කල්බ් වසන්ත සහ අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි නයන වාසුල විජේසූරිය නැමති 37 හැවිරිදි පුද්ගලයා මිය ගියා.
වසන්ත පෙරේරා මහතාගේ බිරිඳ මැණික් විජේවර්ධන , යොමානා කෞෂධී නැමති කාන්තාවක් සහ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මිය සමග තවත් පුද්ගලයෙකු මෙම සිදුවීමෙන් තුවාල ලබා දැනට කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.