ක්‍රීඩා

අගමැති මහින්ද ‍රාජපක්ෂගේ නමින් ජාත්‍යන්තර සිව්කොන් පාපන්දු තරඟාවලියක් – නාමල් රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියක් පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එළෑඹෙන නොවැම්බර් 08 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ තුරඟ තරඟ ක්‍රීඩාංගනයේදි මෙම තරඟාවලිය පැවැත්වෙනු ඇති.

මෙම ජාත්‍යන්තර පාපන්දු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සීෂෙල්ස් රාජ්‍යය, මාලදිවයින යන රටවල් 4 අතර පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ ජයග්‍රාහක කණ්ඩායමට ‘මහින්ද රාජපක්ෂ කුසලානය’ සහ ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලක් ලබාදෙන බව තරඟ සංවිධායකයින් නිවේදනය කරනවා.

එම තරඟාවලියේ නිල තේමා ගීතය ඊයේ (05) එළිදැක්වූණු අතර එය සුප්‍රසිද්ධ භාතිය සහ සංතුෂ් සංගීත කණ්ඩායම විසින් ගායනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button