දේශීය

චමුදිතගේ නිවසට ගල් හා අසූචි ගහලා

හිරු මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල, වෑවල ප්‍රදේශයේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වනවා.

අද (14) අලුයම 2.10 ට පමණ වහළට යම් ප්‍රහාරයක් එල්ල වු බවට ඇසුණු ශබ්දයක් සමග ඔහු එය පරීක්ෂා කර ඇති බවත් එහිදී නිවසේ ජනෙල් බිඳී ඇති අයුරු දක්නට ලැබුණු බව චමුදිත සමරවික්‍රම මහතා පවසනවා.

ගල් ප්‍රහාරයක් හා අසූචි ප්‍රහාරයක් නිවසට එල්ල වී ඇති බව පසුව අනාවරණය වී තිබෙනවා.

සිව්දෙනෙකුගෙන් යුත් නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙක් වාහනයකින් පැමිණ තමා සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට තුවක්කුවක් තබා තර්ජනය කර ඇති බව සමරවික්‍රම මහතා පවසනවා.

ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් මුහුණු සම්පූර්ණයෙන් වසා සිටින අතර ඔවුන් නිවසට ඇතුළු වන අයුරු නිවසේ සවිකර තිබු CCTV කැමරාවේ සටහන්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button