කලා

සෝනම් කපූර් දරු සුරතල් බැලීමට සූදානමින්

බොලිවුඩ් නිළි සෝනම් කපූර් අහුජා සහ ඇගේ සැමියා ආනන්ද අහුජා ඔවුන්ගේ පළමු දරුවා පිළිගැනීමට සූදානමින් සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගෙන තිබෙනවා.

සෝනම්, රසිකයන් සහ අනුගාමිකයින් වෙත ශුභාරංචිය බෙදගනු ලැබුවේ ඇගේ ඉන්ස්ටග්‍රෑම් හි අපූරු කවියක් පළ කරමිනි.

සැමියා ආනන්ද් සමඟ යහනක වැතිරී සිටින ඡායාරූප කිහිපයක් අතර ඇගේ දරු ගැබ හොඳින් පෙනෙන ආකාරයේ ඡායාරූප කිහිපයක් පළ කිරීමට ද ඇය අමතක කර තිබුණේ නැහැ.

“අත් හතරක්.අපට හැකි උපරිමයෙන් ඔබව ඇති දැඩි කිරීමට බලා සිටිනවා. හදවත් දෙකක්. එය ඔබගේ සෑම පියවරකදීම එකමුතුව උදව් දෙනු ඇත. එක පවුලක්. ඔබව ආදරයෙන් සහ සහයෝගයෙන් පුරවාලනු ඇත. අපට ඔබව පිළිගැනීමට තවත් බලා සිටිය නොහැකියි.”

එම සටහන පළ කිරීමත් සමඟ සුබ පැතුම් දහස් ගණනකින් ඇගේ ඉන්ස්ටග්‍රෑමය පිරී ඉතිරී ගොස් තිබුණා.

සුබ පැතුම් එක් කළ රසිකයින්, චිත්‍රපට ක්ෂේත්‍රයේ සාමාජිකයින් මෙන්ම පවුලේ ඥාතීන් අතර ඇගේ ඥති සහෝදරියක වන කරීනා කපූර් “දරුවන් සෙල්ලම් කරනතුරු බලා සිටිය නොහැකි”යැයි පවසමින් සෝනම් සහ ආනන්ද වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබුණා.

සෝනම් සහ ආනන්ද් විවාහ දිවිය ආරම්භ වුණේ 2018 දී මුම්බායි හි පැවති සාම්ප්‍රදායික විවාහ උත්සවයකිනි.ඔවුන් දෙදෙනා මේ වන විට දිල්ලියේ පිහිටි ඔවුන්ගේ නිවසේ කාලය ගත කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button