දේශීය

අලුත් අවුරුද්දට රජයෙන් බෝනස් එකක්

අඩු ආදායම් ලාභීන් සඳහා සිංහල අලුත් අවුරුද්දට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට අද පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සිංහල අවුරුදු බෝනස් එකක් හැටියට ලබා දෙන අතර ලක්ෂ 31කට ආසන්න පිරිසකට ඒ අනුව අදාළ 5000 දීමනාව හිමිවන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් රජය සතු බවත් ය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button