දේශීය

පැය 12ක ජල කප්පාදුවක්

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (05) පස්වරු 6.00 සිට 06වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජා ඇල, කටුනායක, / සීදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීස සභා බල ප්‍රදේශ සහ ජා- ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button