ක්‍රීඩා
යුපුන් ආසියානු තරගාවලියෙන් ඉවත් වෙයි

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට තමන් සහභාගී නොවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් පවසනවා.
ඒ ඔහුගේ ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සුව අතට හැරී නොතිබීම හේතුවෙන්.
පසුගියදා පැවති Savona මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේදී ඔහු මෙලෙස ආබාධයකට ලක්වුණා.
ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 100 ඉසව්ව ආරම්භයට දින 18 කට පෙර එනම් ඊයේ (11) දින සිය අවසාන තත්ත්ව පරීක්ෂාව සිදුකළ බවත් ඔහු පවසනවා.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ, ආසියානු පදක්කමක් දිනාගැනීම සඳහා වාර්තා කළ යුතුයැයි නිගමනය කළ හැකි කාලයන් සියුම් ලෙස පරීක්ෂා කළ පසු තමාගේ වර්තමාන කාලය, සෞඛ්‍ය තත්වයේ සහ ඉදිරි දින 17 තුළ ළගා කරගත හැකි සහ නොහැකි කරුණු පිළිබදව සලකාබලා, පසුව මෙම තීරණයට එළඹ ඇති බවයි.