අරාබි තෙල් ලංකාවේ සිට බෙදන්න සූදානමක්

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම්දී තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම දැනුම්දීම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීයි.
එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ජනාධිපති කාර්යාලයේදී සාගල රත්නායක මහතා මුණගැසී ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කිහිපයක් පිළිබදවද සදහන් කළා.
ඔවුන් පවසන්නේ, මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට නියමියත බවයි.
මීට අමතරව, පූනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හා සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය ගැනද තානාපතිවරයා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානීයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
එසේම කෘෂිකර්මන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ ව්‍යාපෘතියක් ගැන මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන එමීරේට්ස් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමටද එකඟතාවය පළකර තිබුණා.