දේශීය

සංචාරකයින්ගේ පැමිණීම සුබ අතට

සැප්තැම්බර් මාසයේ පළමු දින හය තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 22,896ක් පැමිණ ඇති අතර, සැප්තැම්බර් මාසය අවසාන වනවිට අවම වශයෙන් විදේශ සංචාරකයින් 120,201ක් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLDTA) විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, ජනවාරි 1 සිට සැප්තැම්බර් 6 දක්වා කාලවකවානුව තුළ සංචාරකයින් 927, 214 මෙරටට පැමිණ තිබෙනවා.

මෙම මස තුළ ඉන්දියාවෙන් 27% ක්ද, එක්සත් රාජධානියෙන් සියයට 7% ක්ද, සිය ගමනාන්තය ලෙස තෝරාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.

දශක ගණනාවකට පසු දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ සංචාරක ක්ෂේත්‍රයේ නැවත හිස එසවීම සඳහා ක්‍රමෝපායක් ලෙස ශ්‍රී ලංකාව මෙම වසරේ සංචාරකයින් මිලියන 1.55ක් ගෙන්වා ගැනීමටත්, ඩොලර් බිලියන 2.7ක සංචාරක ආදායමක් උපයා ගැනීමටත් අපේක්ෂා කරනවා.

නමුත්, මෙය තවමත් 2018 වසරේ මෙරටට පැමිණි මිලියන 2.3ක වාර්තාගත සංචාරකයන් සංඛ්‍යාවට වඩා අඩු අගයක්.

මෙම සංචාරක පැමිණීම සිදුවන්නේ, රටේ සංචාරක ක්ෂේත්‍රයේ පසුබෑම් කිහිපයකට ලක්වීමෙන් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button