දේශීය
අගමැති දිනේෂ්ට චීන හාල්වලට හිත ගිහින්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපයේ නිරීක්ෂණයකට එක්ව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇත්තේ චීන සංචාරයක් අතරතුරදීයි.
මෙම ආයතනය විසින් නිපදවා ඇති සාමාන්‍ය වී අස්වැන්න මෙන් හතර ගුණයක අස්වැන්නක් ලැබිය හැකි ඇති නවතම වී ප්‍රභේදයක් පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබුණා.
මෙම නව වී ප්‍රභේදය වියළි කලාපවලද ඉතා හොඳින් වගා කළ හැකි බැවින් නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාව තුළද එය වගා කිරීමට හැකිදැයි සොයාබැලීමට කණ්ඩායමක් එවන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.