දේශීය
ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු මගී ගුවන් සේවා ඔක්තෝබර් මාසයේ සිට

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ලබන ඔක්තෝබර් මාසයේ සිට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කරන බව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්, විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාමහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30) පැවැත්වූයේ දෙරටේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ ද සහභාගිත්වයෙන්.
ඒ අනුව ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිත අතර මේ යටතේ ලබන ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලයේ ”ආකියා” ගුවන් සේවයට අයත් ගුවන් යානා මෙරටට පැමිණෙන බවයි වාර්තා වෙන්නේ.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඉදිරියේදී අත්සන් තැබීමට නියමිතයි බව සඳහන්.