දේශීය

IMF තීන්දුව අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button