දේශීය
ජීවිත 60ක් බේරාගත් වීරයෙක්

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්රියාවිරහිත වී ප්රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමත්ව තිබෙනවා .
රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් මගීන් 60කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකි වී ඇතැයි පොලීසිය ප්රකාශ කළා.
බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්රියාවිරහිත වී ඇති අතර බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බව එහි සිටි මගී සඳහන් කළා.
මෙලෙස සිදුවීමට ගිය විශාල අනතුර වළක්වා ගැනීමට කටයුතු කර තිබු බස් රථයේ රියදුරු ඩී. එම්. ප්රියන්ත මහතායි.