දේශීය

උතුරේ අක්කර 100ක් නිදහස් කරයි

උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා  දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ආරක්ෂක අංශ පරිහරණය කරන ඔවුන්ගේ පෞද්ලික ඉඩම් යළි ඔවුන්ට පවරා දෙන ලෙසයි. හදුනාගත් එම ඉඩම්වල පවත්වාගෙන ගිය කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කොට එම ඉඩම්වල පෙර හිමිකරුවන් වෙත ඒවා පැවරීමට සාගල රත්නායක මහතා උපදෙස් දී තිබෙනවා .

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත පැවරීමට නියමිතය. පෙබරවාරි මස 11 දාට කලින් මෙම ඉඩම්  ජනතාව වෙත මුදා හරින ලෙස ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.

මෙරට 75 වැනි නිදහසට සමගාමීව මෙම ඉඩම් මුදා හැරෙන අතර දෙමළ ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් ඔවුන් සතු ඉඩම් ඇතිනම් ඒවාද නීත්‍යානූකූල තත්ත්වය සොයා බලා පවරාදීමට කටයුතු කරන බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button