දේශීය

පැට්‍රිෂියා සංචාරයක් සඳහා දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දින පහක සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා .

පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මහලේකම්වරිය දිවයිනට පැමිණෙන බවයි .

පෙබරවාරි මස පළමු වැනිදා මෙරටට පැමිණෙන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පස් වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බව සඳහන් .

සිය සංචාරය අතර තුර පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button