දේශීය

රියදුරාගේ පහර දීමෙන් කොන්දොස්තර මරුට

පහරදීමක් හේතුවෙන් පසුගිය 23 වනදා රෝහල්ගත කළ පුද්ගලයෙක් ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (24) කටුනායක පොලිස් ස්ථානයට මීගමුව රෝහල විසින් කළ දැනුම්දීමක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි .

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37ක් වූ දඹගල්ල, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා මොනරාගල සිට කටුනායක දක්වා ධාවනය වන ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස රැකියාව සිදුකළ අයෙක් .

ඔහු සහ බස්රථ රියදුරා පුරුද්දක් ලෙස කටුනායක වලාන ප්‍රදේශයේ පන්සලක නවාතැන් ගන්නා අතර  එලෙස නවාතැන් ගැනීමට පසුගිය 23 වනදා පන්සල වෙත පැමිණෙන අවස්ථාවේ මොනරාගල සිටි පැමිණි හිතවෙතෙකු ද මොවුන් සමග නතර වී තිබෙනවා .

පසුව ඔවුන් තිදෙනා එක්ව මත්පැන් පානය කර ඇතැයි අනාවරණය වී ඇත.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී කොන්දොස්තර හා රියදුරු අතර ඇති වූ බහින්බස්වීමෙන් අනතුරුව රියදුර විසින් කොන්දොස්තරගේ ගෙලට මත්පැන් බෝතලයක් බිඳ එම කටුවෙන් ඇන ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබෙනවා .

පසුව තුවාල ලැබු පුද්ගලයාව රෝහල් ගතකර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති  අතර සිදුවීම සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button