දේශීය

IMF ණය තවත් කල්යයිද ?

ප්‍රධාන ද්වීපාර්ශ්වික ණයහිමියා වන චීනය, ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් දෙසැම්බර් මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එකඟතාවයට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයන් පවසනවා .

අමෙරිකාවේ වොෂිංටන්හි විශ්ලේෂකයන් කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ එසේ වුවහොත් ණය ලබා ගැනීම සඳහා ලබන වසරේ මාර්තු දක්වා බලාසිටීමට ශ්‍රී ලංකාවට සිදුවන බවයි .

අමෙරිකානු ඩොලර් බිලියන 2 .9ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් වසර 04ක් සඳහා ලබාගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම් කර තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊට අදාළ කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණීමට හැකිවුණා.

එහි මීලඟ පියවර සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ යුතු අතර ඒ සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ජපානය සහ ඉන්දියාව එම සාකච්ඡාවල නිරතව සිටින අතර චීනයේ 20වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය පැවැත්වීම ඇතුළු කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් හිමිව නොමැති බවට  වාර්තා වෙනවා.

නියමිත කාලය තුළ ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීමට නොහැකි වුවහොත් මෙරට ආර්ථික සහ දේශපාලන වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button