දේශීය
ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

පළමු වරට ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ (මන්කි පොක්ස්) ආසාදිතයකු හමු වී තිබෙනවා.
ආසාදිතයා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි තරුණයකු වන අතර ඔහු නොවැම්බර් 01 වැනි දා මෙරටට පැමිණි අයෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළා.
ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය විසින් ඊයේ(03) දිනයේ දී සිදු කරන ලද වෛරස් පරීක්ෂාවකින් අනතුරුවයි මේ බව තහවුරු කර ගෙන තිබෙනවා.
වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබෙන අතර එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර තිබුණා.
එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.