දේශීය
ජපානයෙන් ලංකාවට ආධාර

ශ්‍රී ලංකාවට අතිරේක හදිසි ආධාර වශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම මුදල් සෘජුව රජයට ලබාදීමකින් තොරව ලෝක ලෝක ආහාර වැඩසටහන (WFP), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් (IFRC)හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) හරහා ලබදීමට නියමිත බව සඳහන්.
ජපානය මීට පෙර පසුගිය මැයි 20 වන දින ඇමෙරිකානු ඩොල් මිලියන 3 ක මානුෂීය ආධාරයක්ද ලබාදුන් අතර මේ අනුව මේ දක්වා ජපානය ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.