දේශීය

රජයෙන් විශේෂ නිවාඩු දිනයක්

එළඹෙන සැප්තැම්බර් මස 19 දින මෙරට ලංකාව ජාතික ශෝක දිනයක් ලෙසත් රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙසත් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අභාවප්‍රාප්ත දෙවන එලිසබත් රැජිනියගේ අවමංගල්‍යෝත්සවයට සමගාමීව ශෝකය ප්‍රකාශ කිරීමක් වශයෙනුයි.

කෙසේ නමුත් අදාල රජයේ විශේෂ නිවාඩු දිනයේ දී අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවිය යුතු බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දෙනවා.

අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබත් රැජිනිය පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා ලෙසත්, 1952 සිට 1952 වසර දක්වා ශ්‍රී ලංකාවේ අග්‍ර රාජිනිය ලෙස ද කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button