දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) කොළඹට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට කැඳ වූ බවයි.

මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙන්ම ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරී සඳහා යොදවන ජ්‍යේෂ්ඨ නිලධාරීන් පුහුණු කිරීම්ද  මේ වනවිට අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පැවසුවේ, මැතිවරණ කොමිසම ද අද රැස්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button