දේශීය

ගාලු මුවදොරදී බිහිසුණු අනතුරක්

ගාලු මුවදොර පිටිය ආසන්නයේ අද (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනෙකු සහ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button