Uncategorized

චීනයෙන් මිලියන 400ක මානුෂීය ආධාර

චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගිය 22 වනදා ද චීන රජය රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කළා.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, එම මුදල් ආධාරයට අමතරව මෙම ආධාරය ලබාදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button