දේශීය

කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අභයපුර අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි උඩමළුව පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්.

සැකකාර කොස්තාපල්වරයා ඊයේ (01) බීමතින් නිවෙසට පැමිණ අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයක වන ඔහුගේ බිරියට පහරදී තුවාල සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව සැකකරු බිරියගේ පියාගේ පදිංචි නිවෙසට ඇතුළු වී ඔහුගේ නිවෙසේ තිබූ රුපියල් 700,000 ක් පමණ වටිනා දේපොළවලට හානි කර ඇති බව පොලිසිය පවසනවා.

සැකකාර කොස්තාපල්වරයාගේ බිරිය සහ මාමණ්ඩිය විසින් අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.පී. හේවාපතිරණ මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button