දේශීය

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි.

පළාත් 09 යේම ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් මේ වනවිට ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන,

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්,

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ යන මහත්වරුන් ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වුණා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ස් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ලිපි නිකුත් කර තිබුණා.

මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියකින් දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button