දේශීය

කර කියාගන්න බැරුව ඉන්න අය එජාපයේ අනාථ මඩමට ගිහිල්ලා – රවුෆ් හකීම්

පොහොට්ටුව අත හැර එක්සත් ජාතික පක්ෂය නැමැති අනාථ මඩමට පොහොට්ටුවේ පිරිසක් ගොස් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා.

ඔහු පවසන්නේ කිසිදු දෙයක් කර කියාගැනීමට නොහැකිව සිටි පිරිසක් එලෙස අනාථ මඩමක්ව පැවති සිරිකොතට ගොඩ වී ඇති බවයි.

“මේ ආසනයට අල්ලපු ආසනයේ මස්සිනාලා දෙන්නා, ඒ මස්සිනාලා දෙන්නගේ කෙරුවාවන් මීට කලින් අපි හොදටම දැකලා තියෙනවා. දැන් කර කියාගන්න බැරුව පොහොට්ටුව අත හැරලා මෙතෙක් කල් පාලු ගෙයක් වගේ තිබුණ සිරිකොතට, ඒ අනාථ මඩමට දැන් ගොඩවෙලා ඉන්නවා. දැන් මේ අනාථ මඩමට ගොඩ වෙලා ඉන්න මේ පොහොට්ටුවේ පරණ පතාක යෝධයන්ට උවමනා පරිදි තමාගේ දාමරික වැඩ පිළිවෙළ මේ කොට්ඨාසවල කරන්න පොලිසිය ඉඩ නොදිය යුතුයි. මේ කෙරුවාවන් කරන්න වැඩි කල් යන්නේ නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button