දිස්ත්රික්ක හතකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ ඇතැම් ප්රදේශවල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක හතක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට අද (19) පස්වරුව දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,කොළඹ දිස්ත්රික්කයේ සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද, ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය, නාගොඩ,නෙළුව සහ යක්කලමුල්ල යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනද නිකුත් කෙරුණා.
කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට,දොඩංගොඩ, පාලින්දනුවර සහ අගලවත්ත යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද , මතුගම සහ හොරණ යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර ඇති අතර බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබෙනවා.
කෑගල්ල දිස්ත්රික්කයේ ගලිගමුව, අරණායක සහ කෑගල්ල යන ප්රාදේශය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද,දෙහිඕවිට, වරකාපොළ,යටියන්තොට, දැරණියගල,බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
මාතර දිස්ත්රික්කයේ අතුරලිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය සහ පිටබැද්දර ප්රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබෙන අතර නුවරඑළිය දිස්ර්ත්රික්කයේ අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදන නිකුත් කෙරුණා.
රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, රත්නපුර, නිවිතිගල, කිරිඇල්ල,අයගම සහ කුරුවිට යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද, කලවාන, ඇහැලියගොඩ සහ ඇලපාත යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබෙනවා.