දේශීය

බොරුල්ලේ රථවාහන ගමනාගමනයේ වෙනසක්

බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී. එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය කොළඹ නගර සභාව විසින් සිදු කරන ලද දැනුම් දීම මත කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී. එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහායි.

අද (17) දින සිට දින 20 ක කාලයක් සංවර්ධන කටයුතු සිදු කිරීමට ගත වන බව කොළඹ නගර සභාව විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය 2024.08.17 වන දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැළසුම් දෙකක් යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

No description available.
No description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button