ක්‍රීඩා
විශ්මිගෙන් වාර්තාවක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් වුණා.
ඒ අයර්ලන්තවයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරඟයේදීයි.
මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරඟයකදී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට ද විශ්මි ගුණරත්න සමත් වුණා.
අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් රැස් කරමින් ඇය මෙම වාර්තාව තබා තිබෙනවා.
විශ්මි අද වාර්තා අතරට එක්ව ඇත්තේ එක්දින ශතකයක් වාර්තා කළ ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසයි.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා පිල සහ අයර්ලන්ත කාන්තා පිල අතර තරඟ් 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද බෙල්ෆාස්ට් හිදී ආරම්භ වුණා.