දේශීය
අධිවේගී මාර්ගයේ රිය අනතුරක් – කුඩා දැරියක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 02ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (14) උදෑසන එම අනතුර සිදුව තිබුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය පොලිස් වසමේදීයි.
මත්තල දෙස සිට කොට්ටාව දෙසට ගමන් ගත් වෑන් රථයක ටයරයේ හුළං බැසීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ වැදී පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණා.
අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කුඩා දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් තිබුණේ, කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02යි මාස 02ක දැරියක්.
පොලීසිය පවසන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් 12 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.