දේශීය

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ බස් රථ අනතුරක් – දෙදෙනෙක් මරුට

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී අද(12) දහවල් මෙම අනතුර සිදුවී තිබුණා.

සිදු ​වූ අනතුරෙ​න් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙනවා.

බස් රථය මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන බස් නැවතුම් පොළේ සිටි පුද්ගලයින් තිදෙනෙකු යටකරමින් වෙළෙඳසැලකට කඩා වැදී ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button