දේශීය

මහින්ද​ගේ පවුලේ හැමෝටම මිනිස්සු ආදරේ නෑ – ප්‍රසන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා​ට ජනතාව ආදරය කළද, එම පවුලේ සියලුම දෙනාට ජනතාව ආදරය නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ​තා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, මේ වන විට තරඟ​ය ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගය අතර බවයි.

ඔහු මේ බ​ව සඳහන් කළේ, මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්​ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා​ට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ​තා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා,

” මහින්ද රාජපක්ෂ මහතාට අපි අදටත් ආදරෙයි. එතුමා හැමදාම කිව්වේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම,තෙවනුවත් මව්බිම කියලා.එහෙමනම් මව්බිම වෙනුවෙන් කටයුතු කරන්න අපේ වගකීමක් තියෙනවා.මහින්ද මහත්තයා රට දින්න එ​ක එතුමාට ආදරේ කළාට, කියලා එගොලන්ගේ පවුලේ හැමෝටම මිනිස්සු ආදරේ කරන්නේ නෑ.

නාමල්ට අභියෝගයක් තියෙනවා සීලරත්න හාමුදුරුවන් එක්ක,ඊට වඩා එක චන්දයක් හරි ගන්න කියලා.දැන් තියෙන්නේ තරඟය අපිත් සජබයත් අතර”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button