දේශීය

සුමන්තිරන් සහ නාමල් අතර සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පවත්වා තිබෙනවා.

ඒ, එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීයි.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී තිබෙනවා.

වත්මන් දේශපාලන තත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button