දේශීය

ජාතික හැඳුනුම්පත​ක් නොමැති ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

ඡන්දය භාවිතා කිරීමට යම් අයෙකුට ජාතික හැඳුනුම්පතක් නොමැති නම් ඔවුන්ට රියදුරු බලපත්‍රය, භික්ෂු හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය යොදා ගැනීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එවැනි කිසිවක් නොමැති පුද්ගලයෙකුට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහ​තා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී ඡායාරූප දෙකක් සමඟ අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් පසු තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button