දේශීය

මනෝ ප්‍රමුඛ සන්ධානයේ සහය​ත් සජිත්ට

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහ​ය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මනෝ ගනේෂන්, පී දිගම්බරන්, වී රාධක්‍රිෂ්ණන්, එම් වේලු කුමාර් සහ එම් උදය කුමාර් ඇතුළු දෙමළ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් ඊට ඇතුළත්.

මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා,

“දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව අපි  මෙවර ජනාධිපතිවරණය සඳහා අපේ සහාය සහ සම්පූර්ණ සහභාගීත්වය සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව ඉතා සතුටින් පවසන්න කැමතියි. අපේ දේශපාලන මණ්ඩලයේ තීරණය අනුව සමගි ජන සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button