දේශීය

Breaking: අනුර කුමාර ඇප තිය​යි

අනුර කුමාර දිසානායක මහ​තා වෙනුවෙන් ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිසන් සභාවට පැමිණ තිබුණා.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 18 දෙනෙකු වෙනුවෙන් මේවන විට ඇප තැන්පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඇතුළු අපේක්ෂකයින් 17 දෙනෙකු වෙනුවෙන් මේවන විට ඇප තැන්පත් කර ඇති බව සඳහන්.

විජයදාස රාජපක්ෂ, බත්තරමුල්ලේ සීලරතන හිමි, සිරිතුංග ජයසූරිය, ASP ලියනගේ, ඕෂල ලක්මාල්, සරත් ෆොන්සේකා යන අපේක්ෂකයින්ද එම පිරිසට අයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button