දේශීය

පොලිස්පති අවුල ගැන නීතිපතිගෙන් කථානායකට උපදෙස්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ක්‍රියා කරන්නැයි නීතිපතිවරයා කථානායකවරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපති උපදෙස් ඉල්ලා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින්.

මේ පිලිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බව කථානායකවරයා තහවුරු කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ කථානායකවරයා කළ විමසීමට අදාළව දීර්ඝ උපදෙස් වාර්තාවක් නිකුත් කිරීමට පියවර ගත් බවයි.

මේ අතර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අගවිනිසුරුවරයා සමග තමන් සාකච්ඡා නොකරන බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර තිබෙන​වා.

කථානායකවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කිරීමේ කිසිදු පදනමක් නොමැති බවයි.

එවැනි තත්වයක් තුළ සාකච්ඡා සඳහා තමා යොමු නොවන බව ඔහු සඳහන් කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව ජනාධිපතිවර​යා කියා සිටියේ, පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව අගවිනිසුරුවරයා සහ කථානායක සමග සාකච්ඡා කර විසදා ගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button