දේශීය

පැරෂුට් සංදර්ශනයක් අතරතුර අනතුරක්

වැල්ලවාය, ඌවැ කුඩාඔය කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ දී අද (03) පැරෂුට් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් පැරෂුට් සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂුට් සංදර්ශනය අතරතුරයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

මෙම අනතුරින් තුවාල ලැබු පැරෂුට් භටයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button